ගෝලීය යාන්ත්‍රණය පහසු කරවන ‘එක් තීරයක් එක් මාවතක්’
2023-11-08 17:09:34
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ සාර්ථකත්වයේ දෙවැනි දශකයට ප්‍රවේශ වී ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා කියාසිටී.

චීනයේ මූලිකත්වයෙන් වත්මන් ලෝකයම සහයෝගී ප්‍රතිපත්තියකින් යා කරන පුළුල් ම සංවර්ධන මුලපිරුම වන එය සංවර්ධනය වෙමින් පවතින රටවලට සුබසෙත උදා කර ඇතැයි ද හෙතෙම කියාසිටී.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය පසුගිය දා සාර්ථක අයුරින් බෙයිජිං අගනුවර දී පැවැත්විණ. එහිදී ලෝක නායකයෝ රැසක් එම වැඩපිළිවෙළේ සාර්ථකත්වය විශේෂ ඇගැයීමට ලක් කළහ. මෙවර නායක සංසදයේ දී ප්‍රධාන දේශනය පැවැත්වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටියේ පොදු සංවර්ධනය සහ පොදු ජයග්‍රහණ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ මූලික අරමුණ බව යි. මේ දැක්ම යටතේ ලොව පුරා ඉදිකෙරුණු ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වනවිට ජනතා දිවි පැවැත්ම යහපත් කරමින් ක්‍රියාත්මක වේ.

ගෙවුණු දශකය තුළ දුම්රිය මාර්ග, මහාමාර්ග, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, වරාය යනාදී ව්‍යාපෘති ඔස්සේ ගෝලීය මට්ටමේ සම්බන්ධීකරණ ජාලයක් චීනය ස්ථාපිත කර තිබේ. ගොඩබිමින්, මුහුදෙන්, අහසින් හා අන්තර්ජාලයෙන් සම්බන්ධ වන එම ජාලය විවිධ රටවල වෙළඳ භාණ්ඩ, අරමුදල්, තාක්ෂණ හා පුද්ගල හුවමාරු ප්‍රවර්ධනය කර ඇත. එසේම ඉදිරි දශකයේ වැඩපිළිවෙළ මෙහෙයවීම සඳහා ද ප්‍රධාන මාර්ගෝපදේශ චීන නායකයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එය මේ වැඩපිළිවෙළ ආරම්භයේ සිට ම පවතින විධිමත් මෙන්ම සැලසුම් සහගත භාවය යළිත් සනාථ කර ඇත. 

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සංවර්ධන ජයග්‍රහණ ඉදිරියේ දී ගෝලීය යාන්ත්‍රණය තවදුරටත් පහසු කරනු ඇතැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම