අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක්
2023-11-08 14:10:57
Share with:

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වීමට සහ ඒ හා සම්බන්ධ වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

හුවාවෙයි සමාගමේ දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපතිවයා සමඟ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සඳහා සම්බන්ධවන පාර්ශවකරුවන් අතර තාක්‍ෂණික දැනුවත්භාවය සහ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා හුවාවෙයි සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ ව එහිදී අදහස් හුවමාරු කර ගැනිණ.

ශ්‍රී ලංකාවට සිය විශේෂඥ සහාය සහ තාක්‍ෂණික විසඳුම් ලබා දීමට කැපවී සිටින බව හුවාවෙයි සමාගමේ දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපතිවරයා සදහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම