චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයෙන් ගෙන ආ නව අවස්ථාවන් ලෝකය සමග බෙදා ගැනීමට චීනය සූදානම්
2023-11-08 18:58:18
Share with:

අධි ගුණාත්මක විවෘත භාවය තවදුරටත් තහවුරු කරන බව චීනය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ(07) නිවේදනය කළේ මෙම වසරේ හා ලබන වසරේ චීන ආර්ථික වර්ධන අපේක්ෂාව 5.4%ක් හා 4.6%ක් දක්වා වැඩි කරන බවයි. චීනය අඛණ්ඩ ව ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වන විශාලතම එන්ජිම බව චීනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිතයා පැවසූ බව ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(08) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. චීන වෙළඳාම වර්ධනය කිරීමේ සංගමයේ නවතම සමීක්ෂණයට අනුව, ඊට එක්වූ විදේශ ව්‍යවසායන් අතරින් 70%ක් පමණ ඉදිරි වසර 5හේ චීන වෙළඳපොළ කෙරෙහි ධනාත්මක ආකාල්පයකින් පසුවෙයි.

අධි ගුණාත්මක භාවයෙන් යුත් සංවර්ධනය තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයෙන් ගෙන ආ නව අවස්ථාවන් ලෝකය සමග බෙදා ගැනීමට චීනය සූදානම් බව ද Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම