6වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට නිර්මාණශීලී නිෂ්පාදන රැසක්
2023-11-08 17:59:52
Share with:

ශංහයි නගරයේ පැවැත්වෙන 6වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී නිර්මාණශීලී නිෂ්පාදන රැසක් දක්නට ලැබේ. ඩිජිටල් බුද්ධිය සහ හරිත සංවර්ධනය වැනි අති නවීන තාක්ෂණයන් ඉන් කැපී පෙනේ.

මෙවර ප්‍රදර්ශනයේදී, නව නිෂ්පාදන, නව තාක්ෂණයන් සහ නව සේවාවන් 442ක් ප්‍රථම වරට ප්‍රදර්ශනයට එක්කර ඇත. පෙර පැවති ප්‍රදර්ශනවලදී එළිදැක්වූ නව නිෂ්පාදන, නව තාක්ෂණයන් සහ නව සේවාවන් ප්‍රමාණය 2000 පමණ විය. ආනයන තේමාවක් සහිත ලොව ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය ලෙස, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීනයට සහ අනෙකුත් රටවලට නව්‍යකරණයේ සහ වර්ධනයේ විභවයන් ඒකාබද්ධව ප්‍රයෝජනයට ගැනීමට අධිගුණාත්මක වේදිකාවක් බවට පත්ව ඇත.

මිලියන 400කට වැඩි මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම් ඇතුළුව බිලියන 1.4කට වැඩි ජනගහනයක් චීනය සතුව ඇත. ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ගෝලීය නව තාක්ෂණ හා නිෂ්පාදන සඳහා විශාල අත්හදාබැලීම් වේදිකාවක් බවට ඉන් පිළිබිඹු වෙයි. ප්‍රදර්ශනයේදී නවෝත්පාදන නිෂ්පාදන චීන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා බෙහෙවින් තෘප්තිමත් කර ඇත. විශේෂයෙන්ම මෝටර් රථ සහ වෛද්‍ය විද්‍යාව වැනි පාරිභෝගික ක්ෂේත්‍රවල අන්තර්ජාතික ව්‍යවසායන්ට ආයෝජනය කිරීමට ඉන් විශාල අවස්ථාවන් ගෙනවිත් තිබේ.

වඩා වැඩි විවිධ රටවල ව්‍යවසායන් ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හරහා චීනයේ ආයෝජනය කරමින් ප්‍රදර්ශනයට සහභාගිවන්නන්ගේ සිට ආයෝජකයන් බවට පත් ව තිබේ. මෙහිදී, ඔවුන් ඇණවුම්, හා වෙළඳපල පමණක් නොව, චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය විසින් ගෙන එන අසීමිත අවස්ථාවන් ග්‍රහනය කරගනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම