2023 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
2023-11-08 09:46:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2023 ලෝක අන්තර්ජාල සම්මේලනයේ, Wuzhen සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි. ජනාධිපතිවරයාගේ දේශනය අද (8) පෙරවරුවේ වීඩියෝ ආකාරයෙන් පවත්වනු ලැබීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2023 ලෝක අන්තර්ජාල සම්මේලනයේ, Wuzhen සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි. ජනාධිපතිවරයාගේ දේශනය අද (8) පෙරවරුවේ වීඩියෝ ආකාරයෙන් පවත්වනු ලැබීය.

අන්තර්ජාලය, සංවර්ධනය සහතික කිරීමේ නව ගාමක බලවේගයක්, සුරක්ෂිතභාවය රැකගැනීමේ නව අවකාශයක් හා ලෝක ශිෂ්ටාචාර අධ්‍යයනය කිරීමේ නව වේදිකාවක් බවට ක්‍රමයෙන් පත්ව ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. ‍ පොදු  ඉරණමක් සහිත අන්තර්ජාල අවකාශයක් ගොඩනැගීම, නව යුගයේ අනිවාර්ය තෝරාගැනීමක් මෙන්ම  ජගත් ප්‍රජාවේ පොදු ඉල්ලීමක් බවට පත් ව ඇතැයි ද හෙතෙම පැවසීය.

සංවර්ධනය ප්‍රමුඛ ස්ථානයෙහි ලා සලකමින් වඩාත් පොදු වාසි හා සමෘද්ධිය සහිත අන්තර්ජාල අවකාශයක් ගොඩනැගීමට චීනය මුලපුරයි. එසේම, අසීරුතාවන්ට එක්ව මුහුණ දෙමින් වඩාත් සාමකාමී මෙන්ම සුරක්ෂිත අන්තර්ජාල අවකාශයක් ගොඩනැගීමට ද චීනය පෙරමුණ ගෙන ඇත. ලෝක ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය වශයෙන් අධ්‍යයනය කරමින් වඩාත් සාධාරණ මෙන්ම වෙනස්කම් ගරුකරන අන්තර්ජාල අවකාශයක් ගොඩනැගීමට ද චීනය මුල් වී තිබේ. සුන්දර අනාගතය පිළිබඳ මානවයන් සතු අසීමිත කල්පනා අන්තර්ජාල අවකාශයෙන් පිළිබිඹු කෙරේ. පොදු ඉරණමක් සහිත අන්තර්ජාල අවකාශයක් පොදුවේ ගොඩනංවා, සමස්ත ලෝ වැසියන්ට සුබසෙත සලසමින් වඩාත් සුන්දර අනාගතයක් බිහි කිරීමට ෂී ජින් පිං මහතා එහිදී සියලු පාර්ශ්වයන්ට ඇරයුම් කළේය.

2023 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුව අද (8) සිට ලබන 10 වනදා දක්වා Wuzhen උපනගරයේ දී පැවැත්වේ. ‘වෙනස්කම් පිළිගැනීම, පොදු වාසි හා ශක්‍යතාව සහිත ඩිජිටල් ලෝකය ගොඩනැගීම - පොදු ඉරණමක් සහිත අන්තර්ජාල අවකාශයක් ඒකාබද්ධව ගොඩනැගීම’ එහි මෙවර තේමාව යි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම