පලස්තීන-ඊශ්‍රායල ගැටුම හේතුවෙන් මසක් ඇතුළත 12000 කට ආසන්න පිරිසකට දිවි අහිමි වේ
2023-11-08 14:28:06
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වී මාසයක් ගත වී තිබේ. පලස්තීන 

ගාසා තීරයේ සෞඛ්‍ය අංශයේ හා ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු එක්ව ගත් කල, මේ වන විට දෙපාර්ශ්වයේ අවම වශයෙන් පුද්ගලයන් 11891 දෙනෙකු මිය ගොස් ඇත. පලස්තීන පාර්ශ්වයේ මිය ගිය සංඛ්‍යාව අවම වශයෙන් 10491 ක් වන අතර, ඊශ්‍රායලයේ 1400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ගාසා තීරයේ මේ වනවිට ආරක්ෂිත ස්ථානයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මෑතපෙරදිග පලස්තීන සරණාගත සහන හා කාර්ය පිළිබඳ ඒජන්සිය ඊයේ (7) සමාජ මාධ්‍ය ඔස්සේ කියාසිටියේය. එම ප්‍රදේශයේ පානීය ජලය අවසන් වීමේ දැඩි අවදානමක් පවතින  බව ද අවධාරණය කර ඇත.

මීට අමතරව, ඉන්ධන සැපයුම නැවතීම නිසා ගාසා තීරයේ පොදු සේවා පද්ධතිය බිඳවැටී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රකාශක Jens Laerke මහතා පැවසීය.

මේ අතර, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ගොඩබිම් යුද්ධය දියත් කරමින් සිටින බවත්, සටන් විරාමයකට සූදානම් නැතැයි එරට ජාතිකාරක්ෂක හමුදා ප්‍රකාශකයා පවසා ඇති බවත් ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත ඊයේ(7) වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම