චීනය සහ ඔස්ට්‍රේලියාවට අන්‍යෝන්‍ය සාර්ථකත්වය බෙදාගැනීමේ හවුල්කරුවන් බවට පත්විය හැකිය
2023-11-08 11:11:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 6 වැනිදා බෙයිජිං අගනුවර දී, චීනයේ නිල සංචාරයක නිරත ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා හමුවිය. චීන-ඔස්ට්‍රේලියානු සබඳතා මෑත වසරවල දී අඩාල වී තිබේ. එරට අගමැතිවරයෙකු වසර 7 කට පසුව යළි චීනයට පැමිණෙන්නේ දෙරටේ සබඳතාවේ අනවබෝධය බිඳ දමා ඉදිරි වසර 50 ක් සඳහා නව අනාගතයක් ගොඩනැගීමේ අපේක්ෂාව සහිතව යි.

දෙරට සබඳතාව කලක් චීනය දියුණු රටවල් සමඟ පවත්වන සබඳතා අතර ඉහළ පෙළේ පැවතිණ. ඔස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වශයෙන්, චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභා‍වය පිළිබඳ ප්‍රතිපත්තිය සහ නවීකරණය එරටට විශාල අවස්ථා රැගෙන එයි. එහෙත්, පැවති ඔස්ට්‍රේලියානු ආණ්ඩු දෙකක් ඇමරිකාවේ ඊනියා “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” අනුගමනය කරමින් චීනයේ Huawei සමාගමේ 5G නිෂ්පාදිත තහනම් කළ අතර, චීනයේ Xinjiang ස්වායත්තය සහ දකුණු චීන මුහුද ඇතුළු ප්‍රශ්න පිළිබඳව චීනය නැවත නැවතත් කුපිත කර තිබේ. ඉන් දෙරට සබඳතාව සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රතිලාභ බරපතල පසුබෑමකට ලක්ව ඇත.

පසුගිය වසරේ නොවැම්බරයේ බාලි හි පැවති ෂී ජින් පිං මහතා සහ Anthony Albanese මහතා අතර හමුව දෙරට සබඳතා යළි ප්‍රතිෂ්ඨාපනය හා වැඩිදියුණු කිරීම සෘජුවම ප්‍රවර්ධනය කර ඇත. මෙවර බෙයිජිං හි පැවති හමුවේ දී පසුගිය වසර කිහිපය තුළ ද්විපාර්ශ්වික සබඳතාව මුහුණ දුන් දුෂ්කරතාවන්ට බලපෑ හේතු චීන පාර්ශ්වය පෙන්වා දුන්නේය. ආසියා-පැසිෆික් කලාපය අස්ථාවර කිරීමේ උත්සාහයන්ට සුපරීක්ෂාකාරී විය යුතු අතර ඒවාට එරෙහි විය යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ.

ඇත්ත වශයෙන්ම, චීනය සහ ඔස්ට්‍රේලියාව අතර ඓතිහාසික දුක්ගැනවිලි හෝ ප්‍රතිලාභ ගැටුම් නොමැත. මේ නිසා දෙරටට අන්‍යෝන්‍ය විශ්වාසය  සහ සාර්ථකත්වය බෙදාගැනීමේ හවුල්කරුවන් බවට  පත්විය හැකිය.


ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම