මූල්‍ය වීදි සංසදයේ වාර්ෂික සමුළුව බෙයිජිංහි දී ඇරඹේ
2023-11-08 15:31:31
Share with:

මූල්‍ය වීදි සංසදයේ වාර්ෂික සමුළුව අද (8) පෙරවරුවේ බෙයිජිං හි මූල්‍ය වීදියේදී ආරම්භ විය. මෙවර සමුළුවේ තේමාව වන්නේ “වඩා යහපත් චීනය, වඩා යහපත් ලෝකය - මූල්‍ය විවෘතභාවය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ආර්ථික බෙදාගැනීම සහ ජයග්‍රහණය ප්‍රවර්ධනය කිරීම” යන්නයි.

මෙම වසරේ මූල්‍ය වීදි සංසදයට ලොව පුරා රටවල් සහ කලාප 30කට වැඩි ගණනකින් ආරාධිතයෝ 400කට වඩා වැඩි පිරිසක් එක්ව සිටිති.ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් තේමා පිළිබඳ එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.

2012 වසරේදී ආරම්භ කරන ලද මූල්‍ය වීදි සංසදය 11 වතාවක් සාර්ථකව පවත්වා ඇති අතර එය චීනයේ මූල්‍ය ප්‍රතිසංස්කරණයේ සහ සංවර්ධනයේ ප්‍රමුඛතම සංසදයක් ලෙසට හැඳින්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම