එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ ගැඹුරු විද්‍යා-තාක්ෂණ සහයෝගීතාවයක් පැවැත්වීමට චීනය සූදානම්
2023-11-07 10:28:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ පළමු විද්‍යා තාක්ෂණ හුවමාරු සමුළුවට සුබපැතුම් ලිපියක් යොමු කරමින් එහි ඇති විද්‍යා-තාක්ෂණ සහයෝගතාවට විශාල වැදගත්කමක් ලබා දී ඇති බව චීන උප අගමැති Ding Xuexiang මහතා කියා සිටී.

ඊයේ (6) Chongqing හි පැවති එම සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් උප අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා නවෝත්පාදන සහයෝගිතාව පුළුල් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ විද්‍යාව, තාක්‍ෂණ හා නවෝත්පාදන සහයෝගිතා ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට චීනය කටයුතු කර ඇති බව Ding Xuexiang මහතා පැවසීය. විද්‍යා තාක්ෂණ නවෝත්පාදන සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ගෝලීය වශයෙන් ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා එක් තීරයක් එක් මාවතක් රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම