චීන “ණය උගුල”පුහු තර්කය ගොතන ලද කතිකාවක උගුලක් පමණක් බව චීනය කියයි
2023-11-07 16:36:45
Share with:

චීන “ණය උගුල”පුහු තර්කය ගොතන ලද කතිකාවක උගුලක් පමණක් යැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. එම මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු ඊනියා “ණය උගුල” පිළිබඳ ප්‍රශ්නයක් නැගීය.

චීනය “ණය උගුල” නිර්මාණය කළ බවට වන ඊනියා තර්කය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ චීන පවත්වන සහයෝගීතාවට මැදිහත්වීමට  සහ එය කඩා කප්පල් කිරීමට ඇතැම් බලවේග විසින් ගොතන ලද කථිකාවක් මිස අන් කිසිවක් නොවන බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

චීනය ඊනියා “ණය උගුල” නිර්මාණය කර ඇති බව චීනය සමග සහයෝගිතා පවත්වන කිසිදු පාර්ශ්වයක් විශ්වාස නොකරන බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. චීනයේ “ණය උගුල් න්‍යාය” පතුරවන බටහිර රටවල් කිහිපය විසින් නායකත්වය දෙන බහුපාර්ශ්වික මූල්‍ය ආයතන සහ වාණිජ ණය හිමියන් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ණය හිමියන් වන අතර ණය ආපසු ගෙවීමේ පීඩනයේ මූලාශ්‍රය ද වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ලිහිල් කිරීම සඳහා ඔවුන් සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම