සුන්දර චීනයක් ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනපති පවසයි
2023-11-07 21:32:01
Share with:

සුන්දර චීනයක් ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  අවධාරණය කරයි.

ෂී ජින් පිං මහතා‌ගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විස්තීර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණ කමිටුවේ තුන්වැනි රැස්වීම අද(7) පස්වරුවේ පැවැත්විණ.

මෙම රැස්වීමේදී "සුන්දර චීනයක් ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනා" ඇතුළු යෝජනා කිපියක් සම්මත කෙරිණ.

සුන්දර චීනයක් ගොඩනැගීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කොට ස්වාභාවික ඒකාධිකාරී සම්බන්ධතා වල අධීක්ෂණ පද්ධතිය හා යාන්ත්‍රණය වැඩි දියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

අලංකාර චීනයක් ගොඩනැගීම සමාජවාදී නවීකරණ රටක් සම්පූර්ණයෙන් ගොඩනැගීමේ වැදගත් ඉලක්කයක් වන අතර සංවර්ධන ආකෘතියේ හරිත පරිවර්තනය වේගවත් කොට ආරක්ෂක පද්ධතිය වැඩිදියුණු කොට ජෛව පරිසරයේ මූලික දියුණුව ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම එම රැස්වීමේදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම