‘එක් තීරයක් එක් මාවතක්’රටවල විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන පිළිබඳ අමාත්‍යාංශ මට්ටමේ පළමු රැස්වීම චීනයේ දී
2023-11-07 10:36:51
Share with:

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන පිළිබඳ අමාත්‍යාංශ  මට්ටමේ පළමු රැස්වීම පැවැත්වෙයි. එය නිරිතදිග චීනයේ චොංචිං නගරයේ දී ඊයේ (6) පවත්වනු ලැබීය. ‘එක් තීරයක් එක් මාවතක්’හා සම්බන්ධ රටවල් 24 ක විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇමතිවරුන් මෙන්ම ඔවුන්ගේ නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වූහ. 

 ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත.  වසර ගණනාවක් පුරා, එය ලෝකවාසී ජනතාවට සුබසෙත උදාකරන වඩාත් ජනප්‍රිය ගෝලීය සහයෝගීතා වේදිකාවක් බවට පත්ව තිබේ.

 චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Yin Hejun මහතා මෙහිදී පැවසුවේ, වසර ගණනාවක් පුරා, විද්‍යාව හා තාක්‍ෂණ ක්ෂේත්‍රයන් හි අන්තර් රාජ්‍ය සහයෝගීතා තහවුරු කිරීමට චීනය ක්‍රියා කර ඇති බවයි. එසේම, වෙනත් රටවල හවුල්කරුවන් සමඟ එක්ව විද්‍යාත්මක ප්‍රජාවන් හි හුවමාරු අඛණ්ඩව පුළුල් කිරීමට චීනය පියවර ගත් බව ද හෙතෙම පැවසීය. 

චීනය සෑමවිටම විවෘතභාවය, ඇතුළත් භාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම ජාත්‍යන්තර විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතා බෙදාගැනීම යන සංකල්පය ආරක්ෂා කරයි. එසේම, සේද මාවතේ නවෝත්පාදන ක්ෂේත්‍රය උසස් තත්ත්වයෙන් සංවර්ධනය කිරීම සඳහා ද චීනය කටයුතු කරන බව අමාත්‍යවරයා කියාසිටියේය. රජයන් අතර සහයෝගීතා නැංවීම, විද්‍යා හා තාක්‍ෂණ හුවමාරුවේ පරිමාණය සහ එහි විෂය පථය පුළුල් කිරීම සඳහා ඔහු පස් වැදෑරුම් යෝජනාවලියක් ද  ඉදිරිපත් කළේය. 

විද්‍යාව, තාක්‍ෂණය සහ නවීකරණ සහයෝගීතා පුළුල් කිරීම තුළින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන මට්ටම ඉහළ නැංවීම හා කුසලතා පුහුණු ඔස්සේ ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකිවනු ඇති බවට රැස්වීමට සහභාගි වූ පිරිස විශ්වාසය පළකළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම