ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක්
2023-11-07 16:22:48
Share with:

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරේ.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබාගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම