යල කන්නයේ දී නියඟය හේතුවෙන් වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා නොමිලේ ඩීසල්
2023-11-07 16:16:18
Share with:

පසුගිය යල කන්නයේ දී නියඟය හේතුවෙන් වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මහ කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.

රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙන වන්දි  මුදලට අමතරව මෙම සහනය පිරිනැමේ.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් අතර  කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම හේතුවෙන් ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිවූ බව අමාත්‍යංශය කියයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම