චීන මාධ්‍ය සමූහයේ බෙයිජිං අගනුවර මූල්‍ය වීදියේ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ
2023-11-07 11:35:22
Share with:

චීන මාධ්‍ය සමූහය බෙයිජිං අගනුවර මූල්‍ය වීදියේ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කරයි. ඊයේ (6) එම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං , බෙයිජිං නගරාධිපති යින් යොං සහ චීන මහජන බැංකු අධිපති හා චීන රාජ්‍ය විදේශ විනිමය පරිපාලන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ පැන් ගොං ශෙං යන මහත්වරු ඊට එක් වූහ.

චීන රාජ්‍ය මූල්‍ය පරිපාලන මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන බෙයිජිං නුවර මූල්‍ය වීදියේ ප්‍රධාන මූල්‍ය ආයතන 1900ක් පමණ පිහිටා ඇත. සිය මාධ්‍ය බලපෑම් හා ජන සන්නිවේදන මෙහෙවර මගින් රටේ මූල්‍ය ක්ෂේත්‍රයට දායකත්වයක් ලබාදීම, චීන මාධ්‍ය සමූහය මූල්‍ය වීදියේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අරමුණ වී තිබේ. මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉදිරියට ගෙනයමින් රට වඩාත් සවිබලගැන්වීම සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනයක් ඇති කිරීම පිළිබඳ පසුගිය දා පැවති චීන මධ්‍යම රජයේ මූල්‍ය කාර්යසාධන රැස්වීමේදී වැඩි අවධානයට ලක්ව ඇත. මෙවන් පසුබිමක බෙයිජිං මූල්‍ය වීදියේ බහුවිධ නව්‍ය මූල්‍ය වැඩසටහන් නිෂ්පාදනය කිරීමට චීන මාධ්‍ය සමූහය සැලසුම් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම