චීනයේ නියමු නිදහස් වෙළඳ කලාප ගොඩනැගීම ජාත්‍යන්තරයේ ඉහළ අවධානයට
2023-11-07 18:33:20
Share with:

චීනයේ නියමු නිදහස් වෙළඳ කලාප ගොඩනැගීම ඉහළ මට්ටමෙන් ජාත්‍යන්තර අවධානයට ලක් වෙමින් පවතින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(7) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඊයේ(6), එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුව "ආයතනික නවෝත්පාදන, කාර්මික පරිවර්තනය සහ දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ නියමු නිදහස් වෙළඳ කලාපවල කාර්යභාරය" යන මැයෙන් වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාව පසුගිය වසර 10 තුළ චීන නියමු නිදහස් වෙළඳ කලාපයේ ජයග්‍රහණ  ඉතා ඉහළින් අගය කළේය.

ප්‍රථම වරට ජාත්‍යන්තර සංවිධානයක් චීනයේ නියමු නිදහස් වෙළඳ කලාප පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ පර්යේෂණ වාර්තාවක් නිකුත් කිරීමෙන් චීනයේ නියමු නිදහස් වෙළඳ කලාප ගොඩනැගීමට වඩා වැඩි ජාත්‍යන්තර අවධානයට ලක් වීම පිළිබිඹු වන බව Wang Wenbin මහතා එහිදී පැවසීය.

චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කරමින් ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව Wang Wenbin මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම