චීන ජනපති ‘Fengqiao’ කාරක ක්‍රමවේදයට එක්වන ආයතනවල නියෝජිතයන් හමු‍වෙයි
2023-11-06 14:26:59
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ‘Fengqiao’ ලෙස හැඳින්වෙන කාරක ක්‍රමවේදයට එක්වන ආයතනවල නියෝජිතයන් හමුවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතා අද (06) පෙරවරුවේ බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී එම නියෝජිතයන් හමුවිය. ඔවුන්ට සුභාශිංසන පිරිනැමූ ජනාධිපතිවරයා  නවයුගයට ගැලපෙන ‘Fengqiao’ අත්දැකීම් තහවුරු කර, වඩාත් ඉහළ මට්ටමේ සුරක්ෂිත චීනයක් ගොඩනැංවීම උදෙසා ප්‍රබල දායකත්වයක් ලබා දෙන ලෙස එම පිරිස දිරිගැන්වීය.

‘Fengqiao’ අත්දැකීම් සමස්ත චීනය පුරා දේශපාලන හා නීති  යාන්ත්‍රණයන් හි මැනැවින් පිළිබිඹු වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන හා නීති කමිටුව විසින් ‘Fengqiao කාරක ක්‍රමවේදය’ සඳහා කීර්තිමත් දේශීය ආයතන 104 ක් තෝරා ගනු ලැබ ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම