“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ පළමු විද්‍යා තාක්ෂණ හුවමාරු සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-11-06 14:07:22
Share with:

 “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ පළමු විද්‍යා තාක්ෂණ හුවමාරු සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ ප්‍රාර්ථනා කරයි.

ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය අද (6) යොමු කර ඇත.

විද්‍යා තාක්ෂණ සහයෝගිතා, “එක් තීරයක් එක් මාවතක්” සහයෝගීතාවේ වැදගත් කොටසක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මේ යටතේ විද්‍යා තාක්ෂණ නවෝත්පාදන මෙහෙයුම් සැලසුම චීනය පුළුල් ලෙස ක්‍රියාත්මක කරනු ඇත.එසේම, ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණ නවෝත්පාදන හුවමාරු ප්‍රවර්ධනය කරන චීනය, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධ ඉදිකිරීම් සඳහා සහය දෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනගනු ඇතැයි ද ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. 

“එක් තීරයක් එක් මාවතක්” පළමු විද්‍යා තාක්ෂණ හුවමාරු සමුළුව, “නවෝත්පාදන මාර්ගය එක්ව ගොඩනගා, සහයෝගීතා සංවර්ධනය කිරීම” යන තේමාවෙන් චීනයේ Chongqing නගරයේ දී අද (6) ආරම්භ කෙරිණ. මෙවර සමුළුව චීන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය හා චීන ඉංජිනේරු ඇකඩමිය යන ආයතන විසින් ඒකාබද්ධව සංවිධාන කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම