චීන ජනපති සහ සර්බියානු අගමැතිනිය අතර හමුවක්
2023-11-06 19:43:57
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සර්බියානු අගමැතිනි Ana Brnabic මහත්මිය හමුවෙයි. එම හමුව බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී අද (6) පස්වරුවේ පැවැත්විණ.

සර්බියානු අගමැතිනිය 6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා චීනයට පැමිණ සිටී.

මෑත වසරවලදී චීන-සර්බියානු ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකින් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවත්, පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවේ අර්ථය වඩාත් පොහොසත් වී ඇති බවත් ෂී ජින් පිං මහතා මෙම හමුවේ දී පෙන්වා දුන්නේය. නව තත්ත්වය යටතේ, ද්විපාර්ශ්වික සබඳතාවල උසස් තත්ත්වයේ සංවර්ධනය තහවුරු කිරීම සහ දෙරට ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීම සඳහා සර්බියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය. චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වයම එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේම, ස්වාධීන සංවර්ධන මාවතක් අනුගමනය කිරීම සඳහා චීනය සර්බියාවට සහාය දක්වන බව ද හෙතෙම පැවසීය.

දෙරට හය මසක් තුළ නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණු බවත්, සබඳතා තවදුරටත් පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වයේම පවතින දැඩි අධිෂ්ඨානය ඉන් මනාව පිළිබිඹු වන බවත් Ana Brnabic අගමැතිනිය මෙහිදී කියාසිටියාය. එකම චීනය මූලධර්මයට දැඩි ලෙස අනුගත වන සර්බියාව, චීනය සමඟ එක්ව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ඒකාබද්ධ ඉදිකිරීම් ප්‍රවර්ධනයට බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම