චීන ජනපති සහ දකුණු අප්‍රිකානු උප ජනපති අතර හමුවක්
2023-11-06 20:16:25
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු අප්‍රිකානු උප ජනාධිපති Paul Mashatile මහතා හමුවෙයි.

එම හමුව අද (6) පස්වරුවේ, බෙයිජිංහි මහජන මහශාලාවේ දී පැවැත්විණ.

දේශපාලන විශ්වාසයේ පදනම තවදුරටත් තහවුරු කොට, අන්‍යෝන්‍ය  සහයෝගීතාවයේ මට්ටම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එම හමුවේ දී පැවසීය. අප්‍රිකාවේ කාර්මීකරණය, කෘෂිකාර්මික නවීකරණය සහ කුසලතා පුහුණුවටත්,  "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් ඒකාබද්ධව ගොඩනැගීමටත් සහාය වීම සඳහා චීනයේ පියවර තුන ක්‍රියාත්මක කිරීමට දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවල් සමඟ ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය. දෙපාර්ශ්වයම BRICS යාන්ත්‍රණය තුළ සමීපව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්,  සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය සහ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

තම රටේ සංවර්ධන උපායමාර්ගය, චීනයේ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ සමඟ සවිමත් ලෙස සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව  දකුණු අප්‍රිකානු උපජනාධිපතිවරයා මෙහිදී පැවසීය. දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටියේය.  BRICS වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් හි  චීනය සමඟ පවතින සහයෝගීතා ශක්තිමත් කිරීමට ද දකුණු අප්‍රිකාව කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම