විදේශ ආයෝජන වැඩි දියුණු කිරීමට චීනයේ සුදානම
2023-11-06 10:23:45
Share with:

විදේශ ප්‍රාග්ධනය භාවිතය අඛණ්ඩව වැඩිදියුණු කරමින් චීනය ආයෝජන සඳහා සුදුසු දිගුකාලීන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව වාණිජ අමාත්‍ය Wang Wentao මහතා ශැංහයි හිදී ඊයේ(05) ප්‍රකාශ කළේය. 

6 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමීව පැවති " ආයෝජනයේ චීන වසර " නමැති සමුළුව සහ ශැංහයි නගර ප්‍රවර්ධන වැඩසටහනේදී හෙතෙම මේ බව කියාසි‍ටියේය.විදේශ ආයෝජනයේදී පවතින සෘණාත්මක ලැයිස්තුව ක්‍රමයෙන් අඩු කරන බවත්, නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලු සීමාවන් ඉවත් කරමින්, නවීන සේවා කර්මාන්තයන්හි විවෘත කිරීම් ද පුළුල් කරන බවත් Wang Wentao මහතා එහිදී සඳහන් කර ඇත.ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වන විස්තීරණ ගිවිසුම සහ ඩිජිටල් ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම් ඔස්සේ ජාත්‍යන්තර ක්‍රමයන්ට අනුගත වීමට උසස් මට්ටමේ ආදර්ශ නිදහස් වෙළඳ කලාප සහ හයිනන් නිදහස් වෙළඳ වරාය ද දායකත්වය ලබා දෙනු ඇත. එමෙන්ම ව්‍යවසායකයන්ගේ ගැටළුවලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීමට ද අපේක්ෂා කෙරේ. 

" ආයෝජනයේ චීන වසර "  ඇරඹීමෙන් පසු, ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් 20 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති අතර, පළාත් පාලන ආයතන විසින් ඊට සමගාමී වැඩසටහන් 500 කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම