මන්දගාමී ලෝක ආර්ථිකයට නව ජීවයක් ගෙන දෙන චීන ආනයන ප්‍රදර්ශනය
2023-11-06 11:39:10
Share with:

6වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(5) ආරම්භ විය. චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කර වසර 45ක් සම්පූර්ණ වී තිබේ. එමෙන් ම චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර දශකයක් ගත වී ඇත.ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසු වන වත්මන් කාලයේ පෙර සේම ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම තුළින්, චීනය ලෝකය සමග සිය සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ අභිලාෂය යළි ඉස්මතු වී තිබේ.

 වාර්ෂිකව පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ හය වන වතාවට ය. චීනය මෙවර ප්‍රදර්ශනය පිළිබඳ වඩාත් ඉහළ අපේක්ෂාවන් පළ කර ඇත. නව සංවර්ධන රාමුව වේගවත් ව ගොඩනැගීම සඳහා චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පාලමක් වශයෙන් සැලකේ. මෙම ප්‍රදර්ශනය ඉහළ මට්ටමින් විවෘත වීමට මනා වේදිකාවක් ලබා දෙනු ඇති බවටත්, ගෝලීය වශයෙන් බෙදා ගත හැකි මහජන නිෂ්පාදිත සේවා සපයා දෙනු ඇති බවටත් චීනය සිය බලාපොරොත්තු පළ කර සිටී.

නව සංවර්ධන රාමුව වේගවත් ව ගොඩනැගීමේදී චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පාලමක් වශයෙන් විදේශ රටවල ව්‍යවසායන් හා නිෂ්පාදකයන් සහ චීන දැවැන්ත වෙළඳපොල සම්බන්ධ කරයි.එමගින් චීන පාරිභෝගිකයන් ලොව ඉහළ මට්ටමේ භාණ්ඩ ලබා ගන්නා අතර විවිධ රටවලට වඩාත් පුළුල් ව්‍යාපාරික අවකාශයක් සැලසේ. 2018 වසරේ සිට මේ දක්වා චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මගින් ඇමරිකානු ඩොලර් බිලියන 350ක පමණ වටිනාකමින් යුත් ගනුදෙනු සිදු ‍කර ඇත.සෑම වසරකම මෙම ප්‍රදර්ශනයට එක් වන රටවල සංඛ්‍යාව තව තවත් වැඩි වී තිබේ. මෙවර ප්‍රදර්ශනය සඳහා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් 64ක් එක්ව සිටීම, විශේෂත්වයකි.වත්මන් ගෝලීය ආර්ථික තත්ත්වය සලකා බලන විට චීනය මෙවන් ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයක් පැවැත්වීම ඉතා වැදගත් බවත්, චීනය සිය වෙළඳපොළ තවදුරටත් විවෘත වීමේ අධිෂ්ඨානය එමගින් මැනවින් පිළිබිඹු වී ඇති බවත්, ප්‍රදර්ශනයට එක්වූ විදෙස් ව්‍යවසායකයන් පවසා ඇත.    

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම