බණ්ඩි පොහොර මිල 50% කින් අඩුකිරීමට පියවර
2023-11-06 16:11:29
Share with:

MOP හෙවත් බණ්ඩි පොහොර මිල තවත් 50% කින් අඩුකිරීමට පියවර ගැනේ. මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600 ක් දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව පවතී. ඒ අනුව බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩුකිරීම මගින් මිල 50% කින් අඩු කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසා ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා කියාසිටී.

වලස්මුල්ල ඔමාර ගම්මානය දෙවන අදියරේ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අරඹමින් අමාත්‍යවරයා ඊයේ (05) මේ අදහස් පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම