චීන ජනපති හා ඔස්ට්‍රේලියානු අගමැති අතර හමුවක්
2023-11-06 20:02:46
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා හමුවෙයි.

හමුව බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී අද (06) සවස පැවැත්විණ. 6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා පැමිණි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඊට සමගාමීව චීනයේ නිල සංචාරයක නිරත ව සිටී.

දෙපාර්ශ්වයේම පොදු ප්‍රයත්න යටතේ චීනය හා ඔස්ට්‍රේලියාව අතර  විවිධ ක්ෂේත්‍රවල පවතින අදහස් හුවමාරු යථා තත්ත්වයට පත්ව ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. යුගයේ ප්‍රවණතාව පරිදි දෙරට පොදු ප්‍රතිලාභ පදනම් කරගනිමින්, චීන-ඔස්ට්‍රේලියානු පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නොකඩවා ම ඉදිරියට රැගෙන යා යුතු ය. චීනය, සිය ස්ථාවර සංවර්ධනය ඔස්සේ කැළඹිලි සහගත ලෝක ආර්ථිකයට මනා ස්ථායිතාවක් හිමි කර දෙනු ඇති බවට චීන ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළකළේය. පොදු ජයග්‍රහණ සහිත විවෘත භාවයෙන් යුත් උපායමාර්ගය චීනය අනුගමනය කරයි. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය මගින් චීනය බලවත් රටක් ලෙස ගොඩනැංවීම හා ජාතියේ පුනර්ජීවනය කැපී පෙනෙන අයුරින් තහවුරු කරනු ඇත. මෙය ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව සෙසු රටවලට පෙර විරූ නොවූ අවස්ථා රැගෙන එනු ඇතැයි ද  චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චීනයේ දිගුකාලීන ස්ථායිතාව හා අඛණ්ඩ සංවර්ධනය, ඔස්ට්‍රේලියාවටත් ලෝකයටත් හිතකර බව Anthony Albanese මහතා එහිදී පැවසීය. චීන ජනතාවට සංවර්ධනය වීමේ අයිතිය හිමි ය. චීන ආර්ථිකයේ පවතින ඉදිරි දැක්ම සම්බන්ධයෙන් තමා සැමවිට ම  ධනාත්මක ආකල්පයක් දරන බව ද හෙතෙම සඳහන් කළේ ය.



ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම