නව තානාපතිවරු දසදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති
2023-11-06 16:10:16
Share with:

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දස දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර භාරදෙති.

ඊයේ (5) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී එය සිදුකෙරිණ.

ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජය, පෘතුගාලය, සුරිනාම් ජනරජය, ජිබුටි ජනරජය, ඇංගෝලාව, පින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රටවල් සඳහා මෙම නව තානාපතිවරු පත්කරනු ලැබ සිටිති.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ද මේ අවස්ථාවට එක්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම