විනාශකාරී ගැටුම් කඩිනම් නතර කරන ලෙසට පලස්තීන ජනාධිපතිවරයා‍ ගෙන් ඉල්ලීමක්
2023-11-06 10:48:48
Share with:

ඊශ්‍රායලය පසුගිය 4 වනදා Gaza තීරයේ සරණාගතයින්ගේ කඳවුර වෙත ප්‍රහාර එල්ල කළ බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය. ඉන් මිය ගිය පුද්ගලයන් 51ක් අතරින් බහුතරය කාන්තාවන් හා ළමුන්ය.

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ඊයේ(5) Ramallah නගරයේදී ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමු විය. විනාශකාරී ගැටුම්  කඩිනම් නතර කරන ලෙසත් Gaza තීරයට මානවහිතවාදී සහන සැපයීම කඩිනම් කරන ලෙසත් Mahmoud Abbas මහතා එහිදී ඉල්ලා සිටියේය. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සම්පූර්ණයෙන් වගකීම් භාර ගත යුතු අතර යුධ ක්‍රියාකාරකම් මගින් ඊශ්‍රායලයට සුරක්ෂිතභාවයක් හිමි‍ නොවන බව හෙතෙම කීය. පලස්තීන භූමිය අත්පත් කරගැනීම අවසන් කිරීම මගින් පමණක් සාමය ළඟා කර ගත හැකි බව හෙතෙම අවධාරණය කළේය.

Gaza තීරයේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 9770ක් මිය ‍‍ගොස් ඇති අතර 24800ක් පමණ තුවාළ ලබා සිටිති.

බො‍හෝ ඉරාන ජනතාව පසුගිය 4 වනදා Tehran ඇතුළු නගරවලට රැස්වෙමින් Gaza තීරයේ ජනතාව වෙත ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව විරෝධය පළ කළහ. ඇමරිකාව එම අපරාධවල වගකීම භාර ගත යුතු බවද ඔවුන් පවසා ඇත.

මේ අතර පැරිස් නගරයේ පසුගිය 4 වනදා පැවති පලස්තීන ජනතාවට අනුබල දීමේ උද්ඝෝෂණයට පුද්ගලයෝ 60 දහසක් පමණ සහභාගී වූහ.  කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසට බල කළ ඔවුහූ ජන සංහාරයක  අවදානමක් පිළිබඳවද  අනතුරු ඇඟවූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම