චීන ජනපති සහ කියුබානු අගමැති අතර හමුවක්
2023-11-06 19:25:50
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියුබානු අගමැති Manuel Marrero Cruz මහතා හමුවේ.

එම හමුව අද(6) පස්වරුවේ බෙයිජිංහි මහජන මහශාලාවේ දී පැවැත්විණ.

කියුබාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය සහ උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමටත්, පක්ෂ සහ රාජ්‍ය පාලනය පිළිබඳ න්‍යායික සාකච්ඡා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමටත් චීනය සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ජාතික ස්වෛරීභාවය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගනිමින්, බාහිර මැදිහත්වීම් හා අවහිර කිරීම්වලට එරෙහි වීමේ දී චීනය කියුබානු ජනතාවට ස්ථිර සහාය පළකරන බව ද හෙතෙම සඳහන් කළේය.

චීන වෙළඳපොළට ඇතුළුවීම සඳහා වඩාත් විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් කියුබාව, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වැනි වැදගත් වේදිකා මනාව ප්‍රයෝජනයට ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

චීනය සමඟ සමගිය හා සහයෝගීතා තවදුරටත් තහවුරු කිරීමට කියුබාව බලාපොරොත්තු වන බව අගමැති Manuel Marrero Cruz මහතා මෙම හමුවේ දී පැවසීය. චීනය සමඟ එක්ව "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් ගොඩනගා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමටත්, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමටත් කියුබාව සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.




ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම