චීන-ඇමරිකානු ජනතා හුවමාරු යළි පණගැන්වීමෙන් දෙරට අතර මිත්‍රශීලී සහයෝගීතාව සඳහා වන ජනතා අභිලාෂය පිළිබිඹු වන බව චීනය කියයි
2023-11-06 17:40:05
Share with:

චීන-ඇමරිකානු ප්‍රදේශ හා ජනතාව අතර හුවමාරු යළි පණගැන්වීම තුළින්, දෙරට අතර මිත්‍රශීලී සහයෝගීතාව සඳහා වන ජනතා අභිලාෂය මනාව පිළිබිඹු වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (6) පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

5 වැනි චීන-ඇමරිකානු මිත්‍ර නගර සමුළුව පසුගිය 3 වැනිදා චීනයේ Jiangsu පළාතේ Suzhou නගරයේ පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවට සුබ පැතුම් පිරිනැමීය.

Wang Wenbin මහතා අද (6) මේ සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. චීනය සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමත් සමඟ මිත්‍ර නගර සහයෝගීතාව උපත ලැබීය. 1979 දී පළමු මිත්‍ර-නගර සබඳතා ද්විත්වය පිහිටුවීමෙන් පසු, චීනය සහ ඇමරිකාව මිත්‍ර පළාත්, ප්‍රාන්ත සහ මිත්‍ර නගර යුගල 284 ක් ස්ථාපිත කර ඇත. චීනයේ පළාත් සහ නගර 10 කට වැඩි ප්‍රමාණයක නියෝජිතයන් සහ ඇමරිකාවේ ප්‍රාන්ත 22 ක පිහිටි නගර 20 කට ආසන්න සංඛ්‍යාවක නගරාධිපතිවරුන් ඇතුළු 200 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහ අදාළ ක්‍රියාකාරකම්වලට සහභාගි වූහ. දෙරටේ නියෝජිතවරුන් එහිදී තම අත්දැකීම් පුළුල් ලෙස බෙදාගනිමින්, ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම