ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට පියවර
2023-11-05 16:05:21
Share with:

එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

2019 වර්ෂයෙන් පසු මෙරට පාසල් පද්ධතිය වෙත එකවර මෙවන් විදුහල්පතිවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 404 ක් නුදුරේ දී ම සම්පූර්ණ කෙරෙන අතර ගුරු උපදේශන සේවයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් බඳවා ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම