චීන අගමැති විදේශ අගමැතිවරුන් හමු වේ
2023-11-05 15:29:48
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින කියුබානු අගමැති Manuel Marrero Cruz මහතා හමු වේ. එම හමුව ඊයේ(4) පස්වරුවේ ෂැන්හයි හිදී පැවැත්විණ. කියුබාව සමග සංවර්ධන උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්, නව බලශක්තිය, ජෛව හා වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගතා පුළුල් කිරීමට චීනය කැමති බව එහිදී චීන අගමැතිවරයා පැවසීය. කියුබානු අගමැතිවරයා කියා සිටියේ, චීනය සමග එක්ව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ඉදිරියට ගෙන යමින් ජගත් පටිපාටිය වඩාත් සාධාරණ දිශානතියක් කරා යොමු කරවීමට තම රට කැමති වන බවයි.

මේ අතර ලී ච්‍යං මහතා සර්බියානු අගමැතිනි Ana Brnabić මහත්මියද හමු වී තිබිණ. ෂී ජින්පිං ජනාධිපතිවරයා හා Aleksandar Vučić  ජනාධිපතිවරයාගේ උපායමාර්ගික මෙහෙයවීම යටතේ චීන සර්බියා සම්බන්ධතාව දිනෙන් දින සමීප වී තිබෙන බව ලී ච්‍යං මහතා කීය. දෙරට අතර ප්‍රායෝගික සහයෝගතා ප්‍රතිඵල රැසක් බිහි කර චීනය හා යුරෝපීය රටක් අතර මිත්‍රත්වය පිළිබඳ ආදර්ශනයක් ද ගොඩනගා තිබෙන බව ඔහු පැවසීය.  සර්බියානු චීන නිදහස් වෙළඳ ගිවිසුම දෙරට සම්බන්ධතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ බව සර්බියානු අගමැතිනිය එහිදී කියා සිටියාය. එය අවස්ථාවක් ලෙස යොදා ගෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ රාමුව තුළ දෙරට සහයෝගතා පුළුල් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය හා චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය සම්බන්ධතාවය නව තලයකට නංවාලීමට කටයුතු කරනු ඇතැයි ද ඇය සඳහන් කර ඇත.

මීට අමතරව ලී ච්‍යං අගමැතිවරයා කසක්ස්ථාන අගමැති Alikhan Smailov මහතා සමග ද හමුවක් පවත්වා ඇත.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම