රටේ සංවර්ධනයට බාධාකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර
2023-11-05 16:04:35
Share with:

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසිලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා, රට ආපස්සට ගෙන යාමට කිසිසේත් ඉඩලබා නොදෙන බවද පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(04) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම එම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර තිබූ වැඩපිළිවෙල සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම