වී අස්වැන්න දෙගුණයක් කිරීමට රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන
2023-11-05 16:06:03
Share with:

ඉදිරි  වගා කන්න හය ඇතුලත  මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නැංවෙන බව පසුගියදා පැවති දකුණු පළාත් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා පැවසීය.

2023 වර්ෂයේ  කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ලබා දී ඇත. දැනට ලංකාවේ  ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් වුවද වර්ෂයකට යල හා මහ කන්න දෙකේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි. එමගින් නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර මෙරට පාරිභෝජනය සඳහා  වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වේ.

මේ නිසා වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වන නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම