6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භයට චීන ජනපතිගෙන් ලිපියක්
2023-11-05 10:18:39
Share with:

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ෂැංහයි නගරයේදී ඇරඹෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (5) එම ප්‍රදර්ශනයේ සමාරම්භයට ලිපියක් යොමු කළේය.

වසර 2018ටේ සිට එම ප්‍රදර්ශනය පස් වතාවක් සාර්ථකව පවත්වා ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. චීනයේ විශාල වෙළඳපොල පදනම්ව, ජාත්‍යන්තර මිලදී ගැනීම, ආයෝජන, සංස්කෘතික හුවමාරු සහ විවෘත සහයෝගීතා ප්‍රවර්ධනය කරන එම ප්‍රදර්ශනය රටේ නව සංවර්ධන රටාවක් ගොඩනැගීම සහ ලෝක ආර්ථික වර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී ඇති බව ෂී ජින්පිං මහතාගේ ලිපියේ සඳහන් වේ.

වර්තමානයේ ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය මන්දගාමී ව පවතින බවත් පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීම සඳහා විවිධ රටවල් අතර සහයෝගය හා සමගිය අතිශයෙන් වැදගත් බවත් හෙතෙම පැවසීය. සැමවිටම ලෝක සංවර්ධනයට වැදගත් අවස්ථාවන් එක් කරන චීනය අඛණ්ඩව ඉහළ මට්ටමේ විවෘතභාවය ක්‍රියාත්මක කරයි. එමෙන්ම වඩා විවෘත, සහයෝගිතා, විශ්වීය වශයෙන් ප්‍රයෝජනවත්, සමතුලිත සහ පොදු ජයග්‍රාහී ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමෙහි නිරත වන බව ද ෂී ජින්පිං මහතා පවසයි. 

චීනයේ නව සංවර්ධනයෙන් ලෝකයට නව අවස්ථා ලබා දීමේ ප්‍රවේශයක් ලෙසත් රටේ ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමේ වේදිකාවක් ලෙසත්, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට මනා කාර්යභාරය ඉටු කළ හැකි යැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා පවසා ඇත.  පොදු ජයග්‍රහණ දිනා ගන්නා සහයෝගතාවන්ගෙන් ලෝකයට වඩා සුබසෙත නිර්මාණය කිරීම සඳහා, එම ප්‍රදර්ශනය සිය ජාත්‍යන්තර පොදු නිෂ්පාදිත සේවාව වඩාත් මනා ලෙස ඉටු කරමින් විවෘත ගෝලීය ආර්ථිකය ගොඩනැගීමට රුකුලක් වීමට බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම