මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ප්‍රථම වරට ඇමරිකානු සමාගම් එක් වන බවට අනාවරණයක්
2023-11-05 15:21:25
Share with:

ඇමරිකානු කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රථම වරට චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියෝජිත කණ්ඩායමක් මෙහෙයවනු ඇති බව වාර්තා වේ. චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් සහ ඇමරිකානු සෝයා බෝංචි අපනයන සංගමයෙන් ලබා ගත් තොරතුරු මත පදනම්ව මේ පිළිබඳ ප්‍රවෘත්ති පළ කර ඇත.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ඇමරිකානු ආහාර සහ කෘෂිකර්ම මණ්ඩපය ප්‍රදර්ශකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වේ. ප්‍රදර්ශනය අතරතුර, ඇමරිකාවේ කැලිෆෝනියා, අයිඩහෝ සහ ජෝර්ජියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ කෘෂිකාර්මික තාක්ෂණයන් ප්‍රවර්ධනය කෙරේ.

ඇමරිකාවේ කෘෂිකාර්මික නියෝජිතයින්ට චීන ගනුදෙනුකරුවන් සහ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වෙත යන අනෙකුත් නියෝජිතයින් සමග සන්නිවේදනය කිරීමට මෙවර ප්‍රදර්ශනය හොඳ අවස්ථාවක් බව ඇමරිකානු සෝයා බෝංචි අපනයන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Jim Sutter මහතා පැවසීය. එය ලොව කොතැනක හෝ දැක නැති විශාලම සිදුවීම බවත්, ඒ නිසා තමා උද්දාමයට පත් වූ බවත් Jim Sutter මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම