චීනය ලෝකයට විශාල වෙළඳපොලේ ප්‍රතිලාභ අඛණ්ඩව නිර්මාණය කිරීමට සැරසේ--චීන අගමැති
2023-11-05 18:34:27
Share with:

 චීන අගමැති ලී ච්‍යං මහතා හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ ආරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශන සිදු කළේය.

ආර්ථික ගෝලීයකරණය ඉතිහාසයේ ප්‍රවණතාව හා ලෝක වාසින්ගේ පොදු‍ අපේක්ෂාවක් බවත් විවෘත සහයෝගතාව හා අන්‍යෝන්‍ය වාසී පොදු ජයග්‍රහණය යන්න බුද්ධිමත්ම හා ස්වභාවිකම තේරීම බවත් ලී ච්‍යං මහතා එහිදී පැවසීය. චීනය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් ආනයනය ව්‍යාප්ත කරමින් අඛණ්ඩව ලෝකයට විශාල වෙළඳපොලේ ප්‍රතිලාභ ලබා දීමට සූදානමින් සිටියි. එමෙන්ම ‘ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම’ හා ‘ඩිජිටල් ආර්ථිකය පිළිබඳ හවුල්කාරී ගිවිසුම’ට එක්වීමට අඛණ්ඩව තැත් කරනු ඇත. මේ අතර විදේශ ආයෝජන චීන වෙළඳපොලට ප්‍රවේශවීම තවදුරටත් ලිහිල් කරන අතර විදේශ ආ‍යෝජකයින්ගේ අයිතිවාසිකම් නිත්‍යානුකූලව ආරක්ෂා කිරීමට පියවර ගැනෙනු ඇත. 

චීනය විවිධ පාර්ශ්වයන් සමග නවෝත්පාදනය පිළිබඳ සහයෝගතා ශක්තිමත් කරමින් එහි ප්‍රතිඵල බෙදා ගැනීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. නවෝත්පාදන සාධකවල ගලනයට එල්ල වූ බාධාවන් ඉවත් කිරීමට චීනය උත්සාහ කරයි. ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණයට සක්‍රීයව එක් වෙමින් ගෝලීය කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහතික කිරීමෙහි චීනය නියැළී සිටියි. ඒකපාර්ශ්විකවාදය හා වෙළෙඳ ආරක්ෂණවාදයට විරුද්ධ වන චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ රාමුව තුළ පවතින හවුල්කාරීත්වය තවදුරටත් තර කරනු ඇති බව ද ලී ච්‍යං අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම