නේපාලයේ ප්‍රබල භූකම්පාව පිළිබඳව චීන ජනපති නේපාල ජනපතිට සවේගය පළ කරයි
2023-11-05 08:59:15
Share with:

නේපාලයේ සිදු වූ ප්‍රබල භූකම්පාව  පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නේපාල ජනාධිපති Ram Chandra Poudel මහතා වෙත සංවේගය පළ කරයි.

Karnali පළාතේ සිදුවූ දැඩි භූ චලනය හේතුවෙන් විශාල ජීවිත හා දේපල හානි සිදු වූ බව දැන ගත් තමා කම්පනයට පත් වූ බව ෂී ජින්පිං මහතා සිය පණිවිඩයෙන් සඳහන් කර ඇත. චීන රජය හා ජනතාව වෙනුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට ශෝකය පළ කරමින් ඔවුන්ගේ පවුල්වල අයටත් තුවාල ලැබූවන්ටත් සංවේගය පළ කරන බවත් ඔහු එහිදී පැවසීය. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවායි ද ඔහු ප්‍රාර්ථනා කර ඇත.

Ram Chandra Poudel ජනාධිපතිවරයා හා නේපාල රජයේ මෙහෙයවීම යටතේ විපතෙන් බලපෑමට ලක් වූ ජනතාවට දුෂ්කරතා මඟ හැර වාසස්ථාන යළි ගොඩනැගීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා සඳහන් කරයි. චීනය නේපාලයට අනිවාර්ය ආපදා සහනාධාර සැපයීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම