චීන-කෙන්යා සබඳතාව හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ කෙන්යා ජනපතිගේ ඉහළ පැසසුමට
2023-11-04 17:30:05
Share with:

කෙන්යා ජනාධිපති William Samoei Ruto මහතා පසුගියදා චීනයට පැමිණ තුන්වන එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා පිළිබඳ නායක සමුළුවට එක්විය. චීනයේ සංචාරය අතරතුර ඔහු විශේෂයෙන් චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ දූරදර්ශී වැඩපිළිවෙළක් බව ඔහු පැවසීය. සියවස් කිහිපයකට පෙර ආරම්භ වූ සේද මාවතේ අත්දැකීම් පදනම් ව නූනත යටිතල පහසුකම් සංවර්ධනය කරමින් 21 වැනි සියවසේ වෙළඳාම ප්‍රවර්ධනය කරන්නේ කෙසේ ද යන්න දැවැන්ත මාතෘකාවකි. ඒත් දැනට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේදී සංකල්ප හා පරිකල්පනා, ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් වී තිබෙනු දක්නට ලැබේ. නිදසුනක් ලෙස, කෙන්යාවේ Mombasa හා Nairobi අතර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම, එකල බොහෝ අයට විශ්වාස කළ නොහැකි දෙයක් විය. ඒත් අද එම දුම්රිය මාර්ගයෙන් එදිනෙදා භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කෙරෙමින් පවතී. ඉන් කෙන්යාවේ වි‍ශාල වෙනස්කම් සිදු වී තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, සංකල්පයන් යථාර්ථය බවට පත් කිරීමේ ව්‍යාපෘතියකි.

කෙන්යාව සහ චීනය අතර සම්බන්ධතාව පිළිබඳව ද කෙන්යා ජනාධිපතිවරයා අදහස් දැක්වීය. ඉතිහාසයේ කෙන්යාව නිදහස ලබා දින දෙකකට පසුවම චීනය තම රට සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනගා තිබූ බව ඔහු විස්තර කළේය. ගෙවී ගිය වසර දහය තුළ කෙන්යාව හා චීනය අතර වෙළඳ වටිනාකම තුන් ගුණයකින් වැඩි විය. මේ සියළු කරුණුවලින් දෙරට අතර ස්ථිර බැඳීම හා ගැඹුරු මිත්‍රත්වය පිළිබිඹු වී තිබේ. සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් අභිභවා ගිය එම මිත්‍රත්වය දෙරට ජනතාවගේ හදවතට දැඩිව ප්‍රවේශ වී, දෙරටේ වාණිජ, ආයෝජන හා සංස්කෘතික හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවලටත් බලපා ඇත. කෙන්යාව හා චීනය සෑම විටම මිත්‍රයන් වන අතර එම මිතුදම නොනැවතී සෑම විටම වර්ධනය වෙමින් පවතී. චීනයේ සංචාරය කිරීමේදී පුරෝගාමී නායකයින් හා ජනතාව ගොඩනගා ඇති එම සම්බන්ධකම තහවුරු කිරීමට කටයුතු කළ බව කෙන්යා ජනාධිපතිවරයා පැවසීය. ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතාව නව තලයකට නංවනු ඇති බව ද ඔහු ‍ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම