මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය සැමට සාධාරණ විය යුතු බව ජනපති පවසයි
2023-11-04 16:45:20
Share with:

මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3)පැවසීය.

මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නැතිනම් ඔවුන් නගන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටී.

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව කී ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි කීය.

වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම