ගාසා තීරයේ අර්බුද සමනය කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2023-11-04 15:45:29
Share with:

ගාසා තීරයේ පවතින අර්බුදය සමනය කිරීම සඳහා චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  වගකීම් ඉටු කිරීමට සහ මුල් දිනයේදී යෝජනා සම්මත කිරීමට අඛණ්ඩව සහාය ලබා දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ( 3) පැවසීය. 

සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් මහතා සමඟ දුරකථන සංවාදයකට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම සම්බන්ධයෙන් යුක්තිය තහවුරු කිරීම සහ අරාබි රටවල මුලපිරීම් සහ යෝජනා සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ෆයිසාල් මහතා චීනයට ස්තුතිය පුද කළේය.

එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හදිසි විශේෂ සැසිවාරයේදී පසුගිය සතියේ අතිමහත් බහුතරයකින් සම්මත වූ යෝජනාව ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රබල ඉල්ලීම පිළිබිඹු කරන බවත් චීනය යෝජනාවට දැඩි ලෙස සහාය දුන් බවත් වැන්ග් යී මහතා එහිදී සඳහන් කර ඇත.

චීනය නොවැම්බර් මස ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස එහි වගකීම් ඉටු කිරීමට සහාය ලබා දීමට හා සම්මුතිය ගොඩනැගීමටත් වත්මන් අර්බුදය ලිහිල් කිරීමට සහ ආරක්ෂා කිරීමට හැකි කඩිනම් යෝජනා සම්මත කිරීමටත් උපරිමයෙන් කටයුතු කරමින් පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව වැන්ග් යී මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම