චීන ඇමරිකා මුහුදු කටයුතු පිළිබඳ පළමු වටයේ සාකච්ඡා පැවැත්වේ
2023-11-04 17:35:02
Share with:

චීන ඇමරිකා මුහුදු කටයුතු පිළිබඳ පළමු වටයේ සාකච්ඡාව ඊයේ(3) බෙයිජිංහිදී පැවැත්විණ. චීන විදේශ අමාත්‍යංශයේ දේශසීමා හා මුහුදු කටයුතු අංශයේ අධ්‍යක්ෂ Hong Liang මහතා හා ඇමරිකා රාජ්‍ය මණ්ඩලයේ ආසියානු කටයුතු අංශයේ නියෝජ්‍ය ලේකම් චීන කටයුතු සම්බන්ධීකාරක Mark Lambert මහතා ඒකාබද්ධව එම සමුළුවේ මුලසුන දරා තිබේ. මුහුදු තත්ත්වය, මුහුදු ආරක්ෂාව, මුහුදු ආර්ථිකය හා පරිසරය ඇතුළු තේමා පිළිබඳව දෙපාර්ශ්වය අවංක මෙන්ම ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ඇත. මුහුදු ප්‍රශ්නය පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති හා ස්ථාවරය පැහැදිලි කරමින් අදාළ කලාපවල ඇමරිකා හමුදා රැඳවීම ශක්තිමත් කිරීම, චීනය වෙත සෝදිසි කර බැලීම අඛණ්ඩව සිදු කිරීම, දකුණු චීන මුහුදට සම්බන්ධ රටවල් හි ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ඇමරිකානු එකඟතාව සහ සහයෝගය ලබා දීම පිළිබඳව චීනය දැඩි අවධානය යොමු කර තිබේ. චීන දේශභූමි ස්වාධිපත්‍යය හා මුහුදු අයිතිවාසිකම්වලට ගරු කරමින් තම කලාපයේ රටවල මුහුදු ගැටළුවට මැදිහත් වීම නතර කරමින් ඇමරිකාව කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් අර්ථකාරී කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද චීන පාර්ශ්වය එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම