විදේශ නායකයෝ රැසක් චීනයේ සංචාරයට සැරසෙති
2023-11-04 14:28:27
Share with:

හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන 5වනදා සිට 10වන දා දක්වා ෂැන්හයි නරගයේ පැවැත්වීමට නියමිතය. අගමැති ලී ච්‍යං මහතාගේ ආරාධනාවට අනුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese, කියුබානු අගමැති Manuel Marrero Cruz, කසක්ස්ථාන අගමැති Alikhan Smailov යන මහත්වරු හා  සර්බියානු අගමැතිනි Ana Brnabić මහත්මිය ඇතුළු විදේශ නායක නායිකාවෝ හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල සහ අදාළ ක්‍රියාකාරකම්වලට එක්වනු ඇත. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ(3) මේ බව ප්‍රකාශ කර ඇත.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතාගේ ඇරයුමට අයර්ලන්තයේ උප අගමැති, විදේශ හා ජාතිකාරක්ෂක ඇමති Micheál Martin මහතා එළඹෙන 6 වනදා සිට 9වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි ද වං වෙන්බින් මහතා කියා සිටියි.

4 වනදා සිට 7වනදා දක්වා ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා චීනයේ නිල චාරිකාවකට එක් වනු ඇත. ඒ, චීන අගමැති ලී ච්‍යං මහතාගේ ආරාධනාවට අනුවය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම