සීනි සඳහා උපරිම සිල්ලර මිලක්
2023-11-04 16:46:51
Share with:

ඊයේ(3) රාත්‍රියේ සිට සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟ ඊයේ (03) සිටම පෞද්ගලික සහ සතොස අලෙවිසල්වල සීනි මිල ඉහළ ගොස් තිබීම මීට හේතුවයි.

ඒ අනුව නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 275ක් ද දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

මේ අතර, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් ලෙසත්, එම දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350ක් ලෙසත් මිල පාලනය කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම