ඊශ්‍රායලය සටන් නොනවත්වන බව ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කරයි
2023-11-04 16:43:49
Share with:

ජයග්‍රහණය අත්කර නියමිත ඉලක්ක ඉටු කරන තෙක්, ඊශ්‍රායලය සටන් නොනවත්වන බව ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ඊයේ (3) ප්‍රකාශ කළේය.

“මානුෂීය විරාමය” එදින පැවති ඊශ්‍රායල නායකයන් සමඟ සාකච්ඡාවේ වැදගත් තේමාවක් වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මාධ්‍ය හමුවකදී පැවසීය.

‍මේ අතර ලෙබනන් Hezbollah පක්ෂයේ නායක Hassan Nasrallah ඊයේ (3) නව වටයේ ඊශ්‍රායල්-පලස්තීන ගැටළුව පිළිබඳ ප්‍රථම මහජන කතාව පළ කළේය. වත්මන් ගාසා තීරයේ තත්ත්වය කෙරෙහි ඇමරිකාව වගකිව යුතු බවත්, මධ්‍යධරණී මුහුදේ ඇමරිකාවේ යුද නැව් යෙදවීම ඇතුළු තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට Hezbollah සූදානම් බවත් හෙතෙම කීය.

ගාසා තීරයේ පිහිටි ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයට ඊයේ (3) ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූ අතර, ඒ පිළිබඳව ඊශ්‍රායලය පැහැදිලි කළ යුතු බව ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලයේ හොන්ඩුරාස් තානාපතිවරයා ආපසු කැඳවන බව හොන්ඩුරාස් විදේශ අමාත්‍ය Eduardo Enrique Reina එදින සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම