කැනඩාවේ හෙලිකොප්ටර් යානාවලට බාධා එල්ල කළ බවට නඟන චෝදනාවන්ට චීනය ප්‍රතිචාර දක්වයි
2023-11-04 20:01:16
Share with:

කැනඩා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කැනඩා යුධ හෙලිකොප්ටර් යානා දෙකකට දකුණු චීන මුහුදු ප්‍රදේශයේ දී චීන හමුදාවේ ප්‍රහාරක යානා බාධා එල්ල කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Zhang Xiaogang මහතා පැවසුවේ කැනඩාවේ Ottawa නමින් ආරක්ෂක නැ‍වේ හෙලිකොප්ටර් යානා දෙකක් වෙන් වෙන් ව චීනයේ Xisha දූපත් සමූහයේ දේශීය ගුවන් ප්‍රදේශයට ළං වී තිබෙන බවයි. එවිට චීන හමුදාව එම ක්‍රියාව හඳුනා ගෙන නීත්‍යනුකූලව බොහෝ වතාවක් අනතුරු ඇඟවා ඇත. ඒත් කැනඩා හෙලිකොප්ටර් යානා ප්‍රතිචාර නොදක්වමින් ඉතාම පහතින් පියාසර කිරීම ඇතුළු ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කළ බව Zhang Xiaogang මහතා කීය. ඉන් පසු මාධ්‍ය ඔස්සේ චීනයට චෝදනා කරමින් අපවාද නැගීම සිදු කර තිබේ. කැනඩාවේ ක්‍රියාව චීන දේශීය නීතිය හා අදාළ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති අතර ඉන් චීනයේ ස්වෛරීත්වයට හානි සිදු වේ. එය දුෂ්ට අරමුණ සහිත ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම