කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගත යුතු බව චීනය පවසයි‍
2023-11-03 17:13:58
Share with:

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ යෝජනාවට අනුව කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කළ යුතු බව චීනය පවසයි‍.

කියුබාවට එරෙහි  ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක ඇමරිකාව ඉවත් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ (2) යෝජනාවක් සම්මත කළේය.

ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත. ඇමරිකාව ජාත්‍යන්තර ප්‍රජාවේ යුක්තියේ හඬට සවන් දෙමින් කියුබානු ජනතාව‍‍ගේ ජීවන හා සංවර්ධන අයිතීන්ට ගරු කළ යුතු බවත්, වහාම අදාළ සම්බාධක ඉවත් කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ හා ජාත්‍යන්තර සබඳතාවේ මූලධර්මයන්ට අනුව සෙසු සාමාජික රටවල් සමඟ යථා පරිදි සබඳතා පවත්වා ගත යුතු බවත් Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම