හය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට වාර්තාගත සහභාගීත්වයක්
2023-11-03 18:57:35
Share with:

    

 රටවල් හා ජගත් සංවිධාන 70කට වැඩි සංඛ්‍යාවක් එ‍ළඹෙන හයවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ජාතික ප්‍රදර්ශනාංගයට එක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ බෙයිජිංහි අද(3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් නැඟූ අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙවර ප්‍රදර්ශනය රටවල්, ප්‍රදේශ හා ජගත් සංවිධාන 154ක අමුත්තන් පිළි ගනු ඇති අතර ව්‍යාපාර 3400ක් ප්‍රදර්ශනයට ලියාපදිංචි වී ඇත. මෙම ප්‍රදර්ශනය චීනයේ  විවෘතභාවය පුළුල් කිරීමේ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන නිදසුනක් වී ඇති අතර ලෝක ආර්ථිකයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දැඩි අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වන බව වං වෙන්බින් මහතා සඳහන් කර ඇත.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම