පලස්තීන-ඊශ්‍රායල ගැටළුව නිරාකරණය කිරීමේදී ‘ද්වී-රාජ්‍ය විසඳුම’ තරයේ අනුගමනය කළ යුතු බව චීනය කියයි
2023-11-03 18:39:36
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටළුව විසඳීමේදී ‘ද්වී-රාජ්‍ය විසඳුම’ තරයේ  අනුගමනය කළ යුතු බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා ඊයේ(02) මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ 78වැනි මහා මණ්ඩලයේ 6වැනි කමිටුවේ ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය’ හා සම්බන්ධ තේමාවන් පිළිබඳ අදහස් පළ කරමිනි. සාමාන්‍ය ජනතාවට හිංසාවන ඕනෑම ක්‍රියාවක් චීනය හෙළා දකින බව හෙතෙම කියා සිටී. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කෙරෙන කවර හෝ ක්‍රියාවකට ද චීනය විරුද්ධ වෙයි. කඩිනම් සටන් විරාමයකට එළඹ පලස්තීන-ඊශ්‍රායල අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්විය යුතු ය. එහි අර්බුදය සමනය කළ යුතු අතර කලාපීය ආරක්ෂාවට තවදුරටත් හානි කිරීම වලක්වන ලෙසට ද චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජගත් ප්‍රජාව ‘ද්වී-රාජ්‍ය විසඳුම’තරයේ ම අනුගමනය කරමින් එහි ගැටළුව සාධාරණ අයුරින් සම්පූර්ණයෙන් ම විසඳීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු බව ද Geng Shuang මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම