නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බව ජනපති කියයි
2023-11-03 18:20:26
Share with:

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉදිරි අයවැයේදී බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි.

ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය.

වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම