ඇමරිකාව චීන ව්‍යාපාරයන්ට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම නීති විරෝධී බව චීනය කියයි
2023-11-03 18:55:50
Share with:

ඇමරිකාව චීන ව්‍යාපාරයන්ට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, ආර්ථික බලහත්කාරී හා දාමරික ක්‍රියාවක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(3) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ‘චීනයේ ඇතැම් ව්‍යාපාර රුසියාව සමග සබඳතා පැවැත්වීම’ යන ඊනියා හේතුව ප්‍රයෝජනයට ගනිමින් ඇමරිකාව මෑතකදී චීනයේ ඇතැම් ව්‍යාපාරවලට සම්බාධක පැනවීය. මේ පිළිබඳව මාධ්‍ය වේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා එසේ අදහස් දැක්වීය. ඇමරිකාව වහාම එම වැරදි ක්‍රියාව නිවැරදි කරමින් චීන ව්‍යාපර මර්දනය කිරීම නතර කළ යුතුය. චීනය සිය ව්‍යාපාරවල නිත්‍යානුකූල අයිති ආරක්ෂා කිරීමට අඛණ්ඩව අනිවාර්ය පියවර ගනු ඇතැයි ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම