චීන ජනපති හා ග්‍රීක අගමැති අතර හමුවක්
2023-11-03 19:12:57
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ග්‍රීක අගමැති Kyriakos Mitsotakis මහතා හමු වේ. එම හමුව අද(3) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී  සිදුවිය.

 චීනය සහ ග්‍රීසිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම, ශිෂ්ටාචාර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ හවුල්කරුවන් බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. ග්‍රීසිය සමග සාම්ප්‍රදායික මිතුදම අගය කරන චීනය ග්‍රීසිය සමග එක්ව උපායමාර්ගික මෙහෙයවීමෙන් විවෘතභාවය හා සහයෝගතාව පුළුල් කිරීමෙහි නිරත වීමට බලාපොරොත්තු වේ. දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව යුගයේදී වඩාත් දීප්තිමත් ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට කැමති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ග්‍රීසිය හා චීනය අතර සමීප ආර්ථික බැඳීමක් පවතින බවත් වෙළඳ සහයෝගතාව ප්‍රවර්ධනයේදීත් පුළුල් ඉදිරිදැක්මක් තිබෙන බවත් ග්‍රීක අගමැතිවරයා එහිදී සඳහන් කළේය. දෙරට අතර සංස්කෘතික හුවමාරු කෙරේ තමා ඉමහත් අවධානයක් යොමු කරන බව ද ඔහු කීය. පැරණි ශිෂ්ටාචාර රටවල් දෙකක් වශයෙන් ග්‍රීසිය හා චීනයට ලෝකය සමග බොහෝ දේ බෙදා ගැනීමට තිබෙන අතර එකිනෙකාගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම